ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය නිම කර මෙරටින් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ (Satyanjal Pandey) මහතා ඉකුත් 9 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාව හමු විය.
මෙම සමුගැනීමේ නිල හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සහ කලාපීය සහයෝගිතාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු විය.
ආචාර්ය පාණ්ඩේ මහතා සිය ධුර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාවන් තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය මෙහිදී ආරක්ෂක ලේකම්වරයාගේ ඉහළ ඇගයීමට ලක් වූ අතර, ඔහුගේ ඉදිරි රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ද ලේකම්වරයා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
















