• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රට පාලනය කරන්න ඉඩ දෙන්න බෑ – ජනපති

20 March 2021
in දේශීය

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිවරයා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පවසයි.

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමිනි.

මේ රටේ බහුතර ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ රට ගොඩනැගීමටයි. මාස 60ක් වූ ධූර කාලයෙන් ගතව ඇත්තේ මාස 16ක් පමණි. තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තිබේ. ඊළග ජනාධිපතිවරයා පිළිබඳ ඇතැම්හු කලබල වී සිටිති. කිසිවෙකු ඒ ගැන කලබල නොවිය යුතු අතර එය තීරණය කරන්නේ ජනතාවයි. ඉදිරි ධූර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගාසිටුවීමට සුවිශාල වැඩකොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන බව ජනාධිපතිවරයා පැවසීය.

නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත්කරවීමයි. කිසිවිටෙක ඔවුන්ට කරදර නොකළ යුතුයි. ජන ජීවිතය අඩාල කෙරෙන කිසිදු අකටයුත්තක් තමා රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්‍ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

2015-2019 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑ අක්කර 77, පුත්තලම අක්කර 258, මොණරාගල අක්කර 100ක්, අනුරාධපුරයේ අක්කර 224ක් ඇතුළුව මයිලෑව, මාතලේ, ලග්ගල, රිදීගම, වැලිකන්න ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක වන විනාශය සිදු කර තිබේ. එවැනි පිරිස් අද රජයට ඇගිල්ල දිගු කිරීම හාස්‍යයට කරුණක් යයි ද ජනාධිපතිවරයා පැවසීය.

දිළිදුකම තුරන් කර ග්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් නගා සිටූවීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියකි. 75%ක් වන ග්‍රාමීය ජනතාවගෙන් 35% සෘජුවම කෘෂිකර්මාන්තයේ නියැලෙති.
කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සියලු වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් ග්‍රාමීය ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ වගකීම ඉටුකරන බවද රාජපක්ෂ මහතා පැවසීය.

සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන ආරම්භ කෙරිණ. ඉන් රුකියා 35,000ක් දී දැනටමත් ප්‍රදානය කර තිබේ. රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහන අවසන් වූ පසු තවත් ලක්ෂයකට රැකියා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී නිවැරැදීම පුද්ගලයන් හඳුනා ගැනීම ග්‍රාමීය රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා පැවසීය. පුහුණු ශ්‍රමිකයන් නැතිවීම රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයට ඉවහල් වී තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍ය සී.බී. රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, නිමල් පියතිස්ස, රමේෂ්වර මරුදපාණ්ඩි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් යෝඹුවැල්තැන්න ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 

 

Post Views: 7
Previous Post

විමල් දුම්වැටිය ප්‍රවර්ධනය කිරීම වැරදි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි

Next Post

පරිසරය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නෑ – දුමින්ද දිසානායක කියයි

editor

editor

Next Post

පරිසරය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නෑ - දුමින්ද දිසානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved