මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා පාකිස්තාන රජය නව අරපිරිමැස්ම හා ඉන්ධන සුරැකීමේ පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. මෙම පියවර මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව රජයේ වාහන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය 50%කින් අඩු කිරීමටත්, නව රජයේ වාහන මිලදී ගැනීම තහනම් කිරීමටත්, රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර සීමා කිරීමටත් තීරණය කර ඇත. හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අත්‍යවශ්‍ය සේවා සඳහා භාවිත වන ඇතැම් මෙහෙයුම් වාහන මෙම ඉන්ධන සීමාවෙන් නිදහස් කර ඇති බවද පාකිස්තාන රජයේ දැනුම්දීමේ සඳහන් වේ.
මීට අමතරව රජයේ නිල රාත්‍රී භෝජන අවස්ථා සීමා කිරීම, නව දිගුකාලීන භාණ්ඩ මිලදී ගැනීම් අත්හිටුවීම සහ රැස්වීම් සඳහා දුරස්ථ සන්නිවේදන ක්‍රම භාවිත කිරීම ඇතුළු පියවරද හඳුන්වා දී තිබේ. වෙළෙඳසැල් රාත්‍රී 9.00ටත්, විවාහ මංගල ශාලා රාත්‍රී 10.00ටත්, අවන්හල් රාත්‍රී 11.00ටත් වසා දැමීමට නියම කර ඇති අතර, ඖෂධහල් සහ වෛද්‍ය රසායනාගාර සඳහා එම සීමා අදාළ නොවේ.
පාකිස්තාන බලධාරීන් සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලශක්ති සැපයුම් අවදානම් හමුවේ මෙම පියවර ගත් බවයි. රජයේ නව පියවර දැනට ඉස්ලාමාබාද් ඇතුළු ෆෙඩරල් පාලනය යටතේ ක්‍රියාත්මක වන අතර, පළාත් පාලන ආයතනද සමාන ක්‍රියාමාර්ග ගැනීමට දිරිමත් කර තිබේ.













