ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි නොසන්සුන්තාව සමනය කිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කිරීමට පකිස්ථානයේ ඉහළම නායකයින් දෙපළ වන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) සහ එරට හමුදාපති ජෙනරාල් අසීම් මුනීර් (Asim Munir) හෙට (ජූනි 22) වහාම ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ලෝක දේශපාලනයේ දැඩි අවධානයක් දිනාගත් මෙම හදිසි සාම සාකච්ඡාව සඳහා ඉරාන රජයේ ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයින් කණ්ඩායම ද මේ වන විටත් ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට මෙන්ම ගෝලීය දේශපාලනයට ඍජුවම බලපාන මෙම ඇමරිකා – ඉරාන අර්බුදය මැඩපැවැත්වීම සඳහා පකිස්ථාන දේශපාලන සහ මිලිටරි ප්‍රධානීන් දෙදෙනාම එකවර මෙලෙස මැදිහත් වීම සුවිශේෂී තත්ත්වයක් ලෙස විදේශ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. හෙට දින ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන මෙම ඉහළ පෙළේ සංවෘත සාකච්ඡා මේසය වටා ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගේ ප්‍රධානීන් සහ තීරණ ගන්නන් අසුන් ගැනීමට නියමිතව ඇති බැවින්, වසර ගණනාවක් පුරා ඇවිළෙමින් පවතින ඇමරිකා – ඉරාන බලාධිකාරී සටනට සාමකාමී මෙන්ම ස්ථාවර දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තරය මහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















