ට්‍රම්ප්ගේ උපදේශක බෙස්න්ට් කළ අපහාසයක් අලුත් පොතකින් හෙළි වෙයි
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි අතර ඕවල් කාර්යාලයේ පැවැත්වීමට තිබූ හමුවීම වැළැක්වීමට ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශකයෙකු වන ස්කොට් බෙස්න්ට් රහසිගතව උත්සාහ කර ඇති බව බ්‍රිතාන්‍යයේ “ද ගාඩියන්” පුවත්පත වාර්තා කරයි. අලුතින්ම නිකුත් වූ දේශපාලන ග්‍රන්ථයක් උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ බෙස්න්ට් විසින් සෙලෙන්ස්කිව පෞද්ගලිකව දැඩි ලෙස අපහාසයට ලක් කර ඇති බවයි.
ඔහු සෙලෙන්ස්කිව හඳුන්වා දී ඇත්තේ “කුඩා පාදඩයෙක්”, “විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්” සහ “ක්‍රැක් (මත්ද්‍රව්‍ය) භාවිත කළ මිස්ටර් බීන් කෙනෙක්” යන නින්දාසහගත වචනවලිනි. ට්‍රම්ප්ගේ සමීපතමයෙකු විසින් යුක්රේන රාජ්‍ය නායකයාට මෙලෙස බැන වැදීම සහ ඔවුන්ගේ හමුවීම් වැළැක්වීමට ක්‍රියා කිරීම ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
















