ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය.
පාකිස්ථාන ඉනිම වෙනුවෙන් නායිකා ෆාතිමා සනා නොදැවී ලකුණු 47ක් (පන්දු 36යි, හතරේ 4, හයේ 2) ලබාගත් අතර, ෂවාල් සුල්ෆිකාර් ලකුණු 24ක් සහ ගුල් ෆෙරෝසා ලකුණු 21ක් ලබා ගත්හ. ශ්‍රී ලංකා පන්දු යැවීම අතින් නායිකා චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා කඩුලු 2 බැගින් දවාගත් අතර, සුගන්දිකා කුමාරි එක් කඩුල්ලක් බිඳ දැමුවාය. ඒ අනුව, තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 131ක ඉලක්කයක් හිමිවී තිබේ.













