ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබේ.
නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් කථානායකවරයා, ආර්ථික අර්බුදයේදී සහ මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් අඛණ්ඩ සහයෝගය මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කළේය. දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, 2027 වසරට යෙදී ඇති දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වසර 70ක් පිරීම සහ රබර් – සහල් ගිවිසුමට වසර 75ක් පිරීම ඓතිහාසික සන්ධිස්ථානයක් වන බව තානාපතිවරයා අවධාරණය කළේය.













