• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පල්ලන්සේන බන්ධනාගාරය කාන්තා රැදවියන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

11 November 2020
in දේශීය

මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය කාන්තා රැදවියන්ගේ නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ උපදෙස් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.

ඒ, බන්ධනාගාරතුල කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සදහාත් කාන්තා රැදවියන්ට ප්‍රතිකාර කිරීම සදහා මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීම සදහායි.

එම මධ්‍යස්ථානයට අවශ්‍ය ඇදන්, මේට්ට, කොට්ට, බෙඩ්ෂීට් අතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ලබාදී ඇති අතර කාන්තා රැදවියන් 240කට මෙහි නිරෝධායන සහ ප්‍රතිකාර කිරීමට ඉඩපහසුකම් සලසා ඇත.

ජාත්‍යන්තර රතුකුරුස සමාජය විසින්ද මෙම කටයුතු සදහා සහයෝගය ලබාදෙමින් කාන්තා රැදවියන් සදහා අවශ්‍ය අත්ආවරණ, මුව ආවරණ, විසබීජහරණය සදහා උපකරණ, ඇදුම් ඇතුලු උපකරණ තොගයක් පල්ලන්සේන බන්ධනාගාර
පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත බාරදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් වෛද්‍ය අතපත්තු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් තුසිත උඩුවර, බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සහකාර අධිකාරී ජීවක ඉන්ද්‍රජිත් යන මහත්වරු සමග ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක්ද එක්විය.

Post Views: 30
Previous Post

කොරෝනා මරණ භුමදාන කිරීමට අවසර මෙතෙක් ලබා දී නෑ – වෛද්‍ය ජයරුවන් කියයි

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,233 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,233 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved