පමුණුගම පොලිස් වසමේ පුබුදුගම සහ බෝපිටිය ප්‍රදේශවලදී සිදු කළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ඒවා පෙරීමට ගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඊයේ (07) සිදු කළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67ක් (බෝතල් 90ක්) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 1323ක් (බැරල් 07ක්) සමඟ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 සහ 55 යන වයස්වල පසුවන පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














