• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි

31 May 2026
in පුවත්, විදෙස්
ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි
කොංගෝ රාජ්‍යය සහ අසල්වැසි උගන්ඩාව ඉලක්ක කර ගනිමින් විවිධ රටවල් විසින් පනවා ඇති සංචාරක සීමා කිරීම් පිළිබඳව නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා ලෝක රටවලින් ඉල්ලීමක් කරයි. නැගෙනහිර කොංගෝවේ වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන ‘බුනියා’ නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, සංචාරක සීමා පැනවීම් හේතුවෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය සහ විනිවිදභාවය පළුදු විය හැකි බවයි. වසංගත මර්ධන වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීම සඳහා එම කරුණු දෙකම අත්‍යවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්තවලට අනුව, කොංගෝ රාජ්‍යය තුළ මේ වනවිට සැකකටයුතු ඉබෝලා ආසාදිතයන් 906ක් සහ සැකකටයුතු මරණ 223ක් වාර්තා වී තිබේ. මේ අතර, අසල්වැසි උගන්ඩාවේ ද ආසාදිතයන් 9 දෙනෙකු සහ එක් මරණයක් තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි මෙම ව්‍යාප්තිය සිදුවන්නේ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo strain) නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදය මඟිනි. මෙම ප්‍රභේදය සඳහා දැනට අනුමත කරන ලද සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම සෞඛ්‍ය අංශ හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. සෞඛ්‍ය බලධාරීන් විසින් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම, නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ වෛරසය පාලනය කිරීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කරන පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ මෙම බුනියා සංචාරය සිදුවී ඇත.
Post Views: 1
Previous Post

රුපියල් කෝටි 06 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලිය කැලෑවක දමා ජාවාරම්කරු පලායයි

Next Post

ජයග්‍රහණය හමුවේ ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිසියේදී 280කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ජයග්‍රහණය හමුවේ  ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිසියේදී 280කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ජයග්‍රහණය හමුවේ ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිසියේදී 280කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved