වැල්ලවාය, අලුත්වෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් දෙකක් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (ජූනි 23) පෙරවරුවේ වටලනු ලැබීය.
මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් ගංජා ගස් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ. ගංජා වගා කර තිබූ හේන් දෙකෙහි සිටි සැකකරුවන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සොයාගෙන ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සියලුම ගංජා ගස් ගිනිබත් කර විනාශ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වැල්ලවාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















