• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි…. ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාවක්

18 May 2023
in දේශීය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම ‍මැයි 24 වැනිදා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට ද මෙහිදී තීරණය විය.

මැයි 23 වැනි අගහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ අංක 2312/67 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝගය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2312/68 67 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝගය, සුරාබදු ආඥා පනත යටතේ අංක 2312/70 දරන ගැසට් පත්‍රයේ සදහන් නිවේදනය විවාදයට ගැනීමට නියමිතය.

තවද එදින දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ අංක 2312/71 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග, මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2312/73 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ අංක 2316/32 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2309/37 ගැසට් පත්‍රයේ සදහන් නියමය ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

මැයි 24 වැනි බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට ද නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

මැයි 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30- ප.ව 12.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ මැයි 22 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සදහායි.

අනතුරුව ප.ව 12.30 සිට ප.ව 5.00 දක්වා 2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2309/37 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝගය, 2004 අංක 11 දරන මුදල් පනත යටතේ අංක 2312/80 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ අංක 2312/69 සහ 2318/53 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.

තවද එදින දේශීය ආදායම් පනත යටතේ, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සදහා මෙරට ආණ්ඩුව සහ චෙක් ජනරජ ආණ්ඩුව අතර 2023 පෙබරවාරි 3 ඇති කරගත් ගිවිසුමට අදාළ යෝජනාව ද අනුමතිය ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය

මැයි 26 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු කථානායක ගරු ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන්කිරීමට ද මෙහිදී තීරණය විය. ඒ අනුව එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර ඇත.

 

Post Views: 10
Previous Post

බෙදුම්වාදීන්ගෙන් රට බේරාගත්ත විරෝධාර නායකයා මහින්ද බව මන්ත්‍රී එස්.එම් කියයි

Next Post

වසා දමා ඇති පැරණි විදුහල පේෂකර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්නවා – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

වසා දමා ඇති පැරණි විදුහල පේෂකර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්නවා - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved