27 April 2024
#දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමතිය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකත්වය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කරන ලද නාමයෝජනා සඳහා එම සභාවේ අනුමතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ් අනුව කේ. ඒච්. ජෙසී මුඑලර් මහත්මිය සහ කේ. දුනුසිංහ මහතාගේ නාමයෝජනා සඳහා මෙසේ අනුමතිය හිමිව ඇත.

එයට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සාමාජික ධුරය සඳහා පත්කිරීට ඒ්.එම්. නහියා මහතාගේ නාමයෝජනාව ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීමටද පාර්ලිමේන්තු සභාව විසින් තීරණය කරන ලද බවද මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගනු ලැබිණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *