කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේදී ශ්‍රී ලංකා රේගුවේ තවත් ප්‍රධාන නිලධාරියකු කැඳවා ප්‍රශ්න කිරීමට තීරණය කර තිබේ. මෙම විමර්ශනවලට අදාළව ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන්ද ඊයේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, මේ වන විට එම කමිටුව ප්‍රශ්න කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව දහයකට වඩා වැඩි වී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව, සිය මංගල රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත අදාළ විමර්ශන අවසන් කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.














