27 April 2024
#දේශීය

වෛද්‍යවරුන්ගේ වර්ජනය හේතුවෙන් රෝගින් අසරණ වෙයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පළාත් පහක රජයේ රෝහල් වල ක්‍රියාත්මක කරන සංකේත වර්ජනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රාදේශීය රෝහලේද ප්‍රථිකාර ගැනිම සදහා බාහිර රෝගි අංශයට පැමිණි රෝගිහු දැඩි අසරණ තත්වයට පත්වුහ.

ඊයේ (13)රාත්‍රියේ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව වෘත්තිකයන්ගෙන් අයකරන අසාධාරණ බඳු පිළිබඳව ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිළධාරීන් සමඟ සිදු කළ සාකච්ජාවේදී නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරදී අද (14) පළාත් 05 ක වෛද්‍ය වැඩවර්ජනය සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කරනු ලැබීය.

උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල අද (14) දිනයේ මෙම වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර, මෙම වෛද්‍ය වර්ජනය හේතුවෙන් සායනික කටයුතු බාහිර ප්‍රථිකාර අංශයන්හී කටයුතු ඇණ හිට ඇත.. හදිසි සැත්කම් හා හදිසි ප්‍රථිකාර කටයුතු සිදු කරන බවද රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ඒ අනුව අද (14) වෛද්‍යවර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට එප්පාවල ප්‍රාදේශීය රෝහලට පැමිණි රෝගීන් හා සායනික කටයුතු සඳහා පැමිණි රෝගීන් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින අයුරු දැක ගත හැකි විය. අපි බෙහෙත් ගන්න ඇවිත් ආපහු යනවා යන්න.බෙහෙත් දෙන්නේ නෑ ‌ඉස්පිරිතාලෙට ආවට, දොස්තර කෙනෙක්වත් නෑ, නැත්නම් තුන්ඩුවක් ලියාගෙන ගිහින් ෆාමසියකින් හරි ගන්න තිබ්බා බෙහෙත් ටික, හැමදාම දොස්තරලා වර්ජනයේ, දොස්තරලා අපිව මරණවා.එහෙන් බඩු මිළ, මෙහෙන් දොස්තරලා බෙහෙත් ටික දෙන්නේ නෑ,එපා වෙලා තියෙන්නේ යැයි ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ, ප්‍රථිකාර ලබා නොගෙනම රෝහලෙන් පිටව යන රෝගීන් මාධ්‍යයට පැවසීය.

කෙසේ වෙතත් රෝහලෙහිහදිසි ප්‍රථිකාර කටයුතු සිදු කරන අයුරු දැක ගත හැකි විය.

අද (14) උදෑසන 08.00 සිට හෙට (15) උදෑසන 08.00 දක්වා කාළයක් මෙම වැඩ වර්ධජනය ක්‍රියාත්මක කරන අතර, මීට අමතරව හෙට (15) දිවයින පුරා සියලුම රෝහල් අවරණය වන පරිදී එක් දින වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර, මේ අනුව වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමව යන පළාත් වල අද (14) ආරම්භ වන වර්ජනය අවසන් වන්නේ 16 වැනි දින උදෑසන 08.00 ටයි.ඒ අනුව මෙම පළාත් වල සිදුවන වෛද්‍ය වර්ජනය පැය 48 ක් ක්‍රියාත්මක වීමට නියමිතය.

 

තිසර සමල් – අනුරාධපුර

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *