කෑගල්ල පොලිස් වසමේ, කොළඹ – මහනුවර මාර්ගයේ මොරොන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (26) දින රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක, මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වහාම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා මොරොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















