• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී

8 April 2021
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 සම්මාන උළෙලේදී කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල මාර්තු 21 වනදා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී පැල්වත්ත කිරි සමාගම ‘මහා පරිමාණ’ කාණ්ඩය යටතේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ කුසලතා සම්මානය සහ පළාත් මට්ටමින් නිෂ්පාදන අංශයේ ලෝකඩ සම්මානය හිමි කර ගත්තේය.

මෙහිදී පසුගිය වසර තුළ විවිධ අංශවල කාර්මික හා ආර්ථික වර්ධනයට පුළුල් ලෙස දායක වූ කර්මාන්තකරුවන් වෙනුවෙන් CNCI achiever awards සම්මාන ප්‍රදානය කෙරිණි. ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වන අභියෝග මධ්‍යයේ වුවද, පසුගිය මූල්‍ය වර්ෂය තුළ ආර්ථිකයට වටිනාකමක් එක් කරමින් ඊට දායක වු සමාගම් වෙනුවෙන් මෙම වසරේ සම්මාන පිරිනැමීමේදී විශේෂ අවධානයට යොමු විය.

පැල්වත්ත කිරි සමාගම මෙලෙස සම්මානයට පාත්‍ර වීම පිළිබඳව පැල්වත්ත සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග මහතා මෙලෙස අදහස් දැක්වීය. “රටේ කිරි කර්මාන්තයට, රටට සහ විශේෂයෙන් ජනතාවගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීම සදහා වු අපගේ කැපවීම තහවුරු වීම අපට විශාල සතුටක්. අප ලැබූ මෙම සම්මාන සහ ගෞරවය අපගේ කණ්ඩායම රටේ සෑම අංශයක් කෙරෙහිම ලබා දෙන දායකත්වය පිළිබඳ වඩා යහපත් සාක්ෂියක් බව කිව හැකියි. එලෙසම මෙය රට තුළ පූර්ණ ස්වයංපෝෂිත කිරි කර්මාන්තයක් ඇති කිරීමේ අපගේ දැක්ම වෙනුවෙන් අපගේ නිෂ්පාදන වල අසමසම ගුණාත්මකභාවය සහ අප ජාතියට ලබා දෙන දායකත්වය පිළිබඳ වූ පිළිබිඹුවක් ලෙස හැඳින්විමට ද හැකියාව තිබෙනවා.”

CNCI Achievers සම්මාන මගින් සම්මානිත සමාගම් හී සමාගමේ විශාලත්වය, ඛාණ්ඩය සහ අංශය අනුව දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය, සේවා නියුක්තිය හා රැකියා සුරක්‍ෂිතතාවයේ සාධක, විදේශ විනිමය ඉපයීම්, ආයතනික සමාජ වගකීම්, සේවකයින්ගේ ජීවන තත්ත්වය සහ පාර්ශවකරුවන් හා අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳවත් සොබාදහමට සහ ප්‍රජාවේ සියලුම පාර්ශවයන්ට ඇති කරන බලපෑම පිළිබඳවත් තක්සේරු කිරීමක් ලෙස දැක්විය හැකිය.

පැල්වත්ත කිරි සමාගම පසුගිය වසරේ වසංගත තත්ත්වය හමුවේ නොසැලෙමින් ගෙයින් ගෙට සිය නිශ්පාදන නොමිලේ බෙදා හැරීමේ සේවාවක් ක්‍රියාත්මක කල අතර වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ජාතියට උපකාර කරමින් ආයතනික සමාජ වගකීම් සහ පාරිභෝගිකයින් වෙත ළඟා වීමේ ව්‍යාපෘති කිහිපයක්ම රට වසා තැබූ කාලයේදී දියත් කළේය. එහිදී මෙම ක්‍රියාවලිය රට වැසි ජනතාව අතර බෙහෙවින් පැසසුමට ලක් වූ ක්‍රියාන්විතයක් විය. තවද, වසංගත තත්ත්වය උත්සන්න වීමේ අවධානමක් පැවති මොහොතේ පවා, දැඩි ආරක්ෂක සහ සනීපාරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කරමින් කිරි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා පැල්වත්ත සමාගම කටයුතු කළේය.

දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලමින් රටේ ගෘහස්ථ කිරි ඉල්ලුම සපුරාලීම කෙරෙහි සමාගම සැමවිටම දැඩි අවධානයක් යොමු කර ඇත. කිරි නිෂ්පාදනය අතින් ජාතිය ස්වයංපෝෂිත කිරීම මුලික දැක්ම වුවද පැල්වත්ත කිරි සමාගම ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන් සහ පවුල්වලට විවිධාකාරයෙන් සහය දක්වයි. එමගින් ඔවුන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ සංවර්ධනය තුළින් ජාතියේ වර්ධනයට මඟ පෙන්වීම සමාගමේ අරමුණයි.

පැල්වත්ත ඩේරි සමාගම යනු රට පුරා උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන, නිෂ්පාදනය හා බෙදා හැරීමෙහි නිරත, වේගයෙන් වර්ධනය වන සමාගමකි. සමාගම බොහෝ වර්ධන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර කර්මාන්තය තුළ ප්‍රබලත්වයකින් යුතුව වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටී. එසේම පැල්වත්ත සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කිරි නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ නිරතව සිටින අතර ප‍්‍රමුඛතම පැල්වත්ත සන්නාමය පුර්ණ පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සමාගමට ශක්තිය සහ ධෛර්ය ලබා දෙමින් ඇත.

පිටපත – Communique PR

Post Views: 13
Previous Post

කැරොලයින් සහ චුලා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් – නඩුව 19 වනදා

Next Post

රන්ජනගේ හිස් වු මන්ත්‍රී අසුනට අජිත්ට දිවුරුම් දෙයි

editor

editor

Next Post

රන්ජනගේ හිස් වු මන්ත්‍රී අසුනට අජිත්ට දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved