ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ උක් වගා බිම්වලට පසුගිය දිනවල අඛණ්ඩව ගිනි තැබීම් වාර්තා වීමත් සමඟ, පාලනාධිකාරිය සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ වැඩපිළිවෙළක් යටතේ බුත්තල මිනින්දෝරු කොළණිය ප්‍රදේශයේ උක් වගාවකට ගිනි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශයට පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙම ගින් හදිසියේම වේගයෙන් පැතිරී ගොස් අක්කර විශාල ප්‍රමාණයක් විනාශ වීමෙන් ආයතනයට දැවැන්ත පාඩුවක් සිදුවී තිබිණි. බුත්තල මිනින්දෝරු කොළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබන අතර, මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස පැල්වත්ත පාලනාධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
















