• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කට්ටිය එකතු වෙලා ජනතාවගේ ඡන්ද අයිතියට වෙට්ටු දානවා – කේ.ඩී.ලාල් කාන්ත

23 October 2023
in විලාසිතා

රනිල්ලා, රාජපක්ෂලා, මහින්දානන්දලා, එකතු වී ජනතාවගේ ඡන්ද අයිතිය ලබා නොදී විවිධ වෙට්ටු දමමින් යන ගමනක් ආරම්භ කර තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) ජාතික ජන බලවේගයේ ගම්පොල ආසන සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක් වු කේ.ඩී. ලාල් කාන්ත මහතා ” ඊයේ වෙනකොට විදුලි බිල වැඩිකළ බව අපි කවුරුත් දන්නවා. ඊට විරුද්ධව රටේ විවිධ ප්‍රදේශවල පන්දම් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. මේ ආසන්න දිනවල අපිත් ඊට සහභාගි වෙනවා. රනිල්ලා, රාජපක්ෂලා, මහින්දානන්දලා, එකතු වී ජනතාවගේ ඡන්ද අයිතිය ලබා නොදී විවිධ වෙට්ටු දමමින් යන ගමනක් ආරම්භ කර තිබෙනවා. නමුත් අපි මැතිවරණ මාවතට අමතරව බලය ගන්න, බලය මාරු කරන්න තිබෙන විකල්ප ක්‍රම ගැනත් හිතන්න වෙලා තිබෙනවා. නමුත් අපි වඩාත්ම කැමති මැතිවරණයකින් බලය ලබාගන්න. ඒ නිසාම රනිල්ලා වෙට්ටු දැමීම නිසා අපි තෙවැනි මාවතකුත් ආරම්භ කර ඇති බව ගම්පොළ ආසන සමුළුවේ ඉඳලා කියන්න සතුටුයි. ඡන්ද නොතියා යනවා නම්, පාලකයන් වෙනත් ක්‍රමයකින් පළවා හරින්න වැඩ පිළිවෙළකුත් ආරම්භ කර තිබෙනවා. ඉන් එකක් අපි සතු දැවැන්ත වෘත්තිය සමිති බලය. ඒ වගේම විශාල ගොවි ජනතාවක්, ධීවර ජනතාවක් කාන්තා, තරුණ, ශිෂ්‍ය, වගේම කලා සංවිධාන ඇතුළු විවිධ බලවේග ඒකරාශී කරමින් යනවා. ගිය අවුරුද්දේ මැයි මාසයේ නව වැනිදා මහින්දට අගමැතිකම දාලා යන්න සිදුවුණා. කැමැත්තෙන් ගියා නොවෙයි පැන්නුවා. ඒකත් එක විදිහක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දාලා පැනලා ගියා. ඒවා සිදුවුණේ ඡන්දයකින් නොවෙයි. ඒ අරගලය ඒ වෙලාවේ පාර්ලිමේන්තුව පැත්තට ගෙන ගියා නම්, ඒකත් විසුරුවා හරින්න සිදුවෙනවාම තමයි. ඒ මාවත ගැනත් රනිල්ලාට රාජපක්ෂලාට අපි මතක් කර දෙනවා. වෘත්තිය සමිති ව්‍යාපාරයට අමතරව නගරවල වෙළඳ සංගම්, නීතිඥ සංගම්, වගේ සංවිධානත් තිබෙනවා. ඔවුන්ව සංවිධානය කිරීමේ මාවතෙත් අපි විශාල දුරක් ගිහින් තිබෙනවා. “උඹලාගේ පාලනය යටතේ තවදුරටත් වැඩ කරන්න අපි ලැහැස්ති නැහැ, උඹලා වැඩි කළ විදුලි බිල් ගෙවන්න අපි ලැහැස්ති නැහැ, උඹලා වැඩි කළ බදු ගෙවන්න අපි ලැහැස්ති නැහැ, උඹලා පලයල්ලා.” කියන තැනට බලකරමින් අපි වැඩ නතර කරනවා. ඊට පස්සෙ අපේ පාලනයක් යටතේ ඩබල් එකේ වැඩකරනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණ කර කර කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා බලමුකෝ. අපිත් සමුළු පවත්වමින් ජනතාව සංවිධානය කරමින්, පාලකයෝ ගෙදර යවන්න වැඩකරමින් යනවා. අපි ඡන්දයට ලැහැස්ති වෙමු. ඡන්දය තියන්නේ නැතිනම් පාරට බැහැලා මොවුන් පළවා හරින තුරු අරගල කරන්න සූදානම් වෙමු කියලා හැමදෙනාටම ආරාධනා කරනවා යැයි කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 39
Previous Post

රාජ්‍ය ඇමැති රෝහණගේ ප්‍රධානතවයෙන් උකුවෙල පොල් පැල බෙදා දෙයි

Next Post

AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි

editor

editor

Next Post

AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved