මහජන බැංකුවේ 2025 වසරට අදාළ වාර්ෂික වාර්තාව ‘Rising Higher, Reaching Further’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් පිළිගන්වන ලදී.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙන්ම භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද සහභාගී වූහ.














