• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්ලයිෆොසේට් ආනයනයට අවසර – රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය 

6 September 2022
in දේශීය

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනුමතිය ලබා දී ඇත.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කාරක සභාව පසුගියදා (02) රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවිය.

මේ අනුව මෙම රෙගුලාසි ඇතුළත් අංක 2291/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව මෙහිදී ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

මෙම රෙගුලාසි සදහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවුවද එය කොන්දේසි සහිතව ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.

මීට පෙර මුදල් කාරක සභාවේ නිර්දේශයකට අනුව ශ්‍රී ලංකාවේ වැවිලි භෝග සම්බන්ධයෙන් මෙම ග්ලයිෆෝසේට් භාවිතය පිළිබද අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිළියෙල කරන ලද වාර්තාව පිළිබද පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගතයුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද පාර්ලිමේන්තුවේ අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් සහ අනෙකුත් අනුනීති මුදල් කාරක සභාවට කල්තියා ලැබිය යුතු බවත් ඒවා පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව පමණක් අනුමතිය ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් සැලකිල්ලට ගනිමින් ග්ලයිෆෝසේට් ආනයනය තහනම් කළද තේ සහ රබර් වගාවල අපනයනයට පවතින බාධා සහ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මර්දනය කිරීමේ අවශ්‍යතාව ආදි හේතු නිසා සීමා සහිතව හෝ ග්ලයිෆෝසේට් ආනයනය කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී සාකච්ඡා විය. එසේම මෙමගින් ඇතිවන සෞඛ්‍යමය සහ පාරිසරික බලපෑම සම්බන්ධවද මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීහු සිය අදහස් පළ කළහ.

මේ අනුව මේ පිළිබදව ඉදිරියේදී පුළුල් ‍සාකච්ඡාවක් පවත්වා ඉදිරි තීරණ ගැනීමේ අවශ්‍යතාව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය විදුර වික්‍රමනායන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාඝවන්, එම් ඒ සුමන්තිරන්, හර්ෂණ රාජකරුණා, චමින්ද විජේසිරි, අනුප පැස්කුවල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

එසේම මුදල් අමාත්‍යාංශය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය යන ආයතනවල නිළධාරීහු ද මෙම රැස්වීමට සහභාගී වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ සම්බන්ධ විය.

Post Views: 8
Previous Post

විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර පත්‍රය නිකුත් කෙරේ

Next Post

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් දියුණු කරන්න – ඇමැති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

editor

editor

Next Post

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් දියුණු කරන්න - ඇමැති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved