27 April 2024
#දේශීය

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

රජය සතු කොටස් වලින් 40%ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් මෙම තීන්දුව ලබා දී තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබාදී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ සඳහන්කර සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නොකිරීමට අධිකරණය තීරණය කළ බවය.

ඒ අනුව අදාළ පෙත්සම් 5 විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවත් අගවිනිසුරුවරයා නිවේදනය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *