එල්නිනෝ කාලගුණ තත්ත්වයට මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය. මෙහිදී විමධ්‍යගත අයවැය වැඩසටහන සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය ඇතුළු ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය විසින් සොයා බැලූ අතර, එල්නිනෝ කාලගුණ තත්ත්වය හමුවේ මෙරටට සිදුවිය හැකි බලපෑම්වලට සූදානම්වීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය.
















