2008 වසරේ මඩකලපුව ප්රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව පිල්ලෙයාන් සහ ඔහු සමඟ අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනා ලබන ඔක්තෝබර් 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම නඩුව 2008 වසරේ මඩකලපුව දිස්ත්රික්කයේ සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු කටයුත්තකට අදාළයි. පිල්ලෙයාන් ඇතුළු තිදෙනා 2025 නොවැම්බර් මාසයේදී ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
නඩුවට අදාළව 2008 වසරේ මඩකලපුව සහ වවුනතිව් ප්රදේශවල සිදුවූ වෙඩිතැබීම් සහ ඝාතන කිහිපයක් පිළිබඳව විමර්ශන සිදු කෙරෙන අතර, සැකකරුවන්ට එරෙහි චෝදනා තවමත් විභාග වෙමින් පවතිනවා.














