පිංවත්ත පොලිස් වසමේ නාරම්පිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ සැකකරුවෙකු ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීමේදී බෝතල් 100කට අඩංගු නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඒ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග සඳහා පිංවත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වාද්දූව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පිංවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















