2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම්පත් ලබන 21 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළ යුතු බවත් මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ නිල ජංගම දුරකථන යෙදවුම් භාවිතා කළ හැකි බවත් එහි දැක්වේ.
එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200ක් වන අතර හර පතක්, ණය පතක් භාවිතා කර හෝ තැපැල් කාර්යාල මගින් මෙම ගෙවීම් සිදු කළ හැකිය. මුදල් ගෙවීමේදී මාර්ගගත ක්‍රමවේදයට අනුව ලබාගත් යොමු අංකය ඉදිරිපත් කළ යුතු වේ.
මුදල් ගෙවීමේ අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණක් බැවින් ඊට පෙර අවශ්‍ය සියලු විෂයන් තෝරාගත යුතුය. මුදල් ගෙවීමෙන් අනතුරුව අයදුම්පත PDF ආකාරයෙන් භාගත කර පරිවේණාධිපති හෝ ප්‍රධානාචාර්ය නිර්දේශය සහිතව විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග ඇගයීම් ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ යන ලිපිනයට යොමු කළ යුතු බව දන්වා සිටියි
නිවැරදි අයදුම්පත ඉදිරිපත් කිරීම අයදුම්කරුගේ වගකීම වන අතර අදාළ ගාස්තු ගෙවා නොමැති අයදුම්පත් දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. එමෙන්ම ගෙවන ලද ගාස්තු කිසිදු හේතුවක් මත ආපසු ගෙවනු නොලැබේ.















