දෙහිවල ප්‍රදේශයේ පිහිටි ගල්කිස්ස පොදු සුසාන භූමිය තුළ අද (19) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා පලාගොස් ඇත. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථානයට පොලිස් කණ්ඩායම් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
















