පිටිගල නගරයේ පිහිටි මත්පැන්හලක අද (15) දින හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.
පිටිගල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර, වාසනාවකට මෙන් මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව වාර්තා වේ.












