• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෙල්ලම පටන් ගන්න මාරාවේෂයෙන් බලන්න ඉන්නේ

22 June 2018
in ක්‍රීඩා

රටේ අලූත් සංවර්ධන රටාව සමහරුන්ට දිරවන්නේ නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කි‍්‍රයාත්මක වේරැස් ගඟ වැසිජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බොරලැස්ගමුව සංවර්ධන කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් ඉදි වූ ‘කෙළිමඩල’ ළමා උද්‍යානය දරුවන් ඇතුළු පොදුජන අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් අය පරණ දූෂණ සෙල්ලම පටන් ගන්නේ කොහොමද කියලා මාරාවේෂයෙන් බලාසිටින බවයි.

රජය විසින් දියත් කර ඇති සංවර්ධනය තිරසර එකක් බවත් එය ජනතාවට බලහත්කාරයෙන් දාන්නේ නැතිව, ජනතාවගේ කැමැත්ත ඇතිව සිදු කරන කි‍්‍රයාවලියක්’ බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘එදා තිබුණු ගම හා වටපිටාව අද නැහැ. විධිමත් නාගරිකරණයක් ඇති කර ගැනීමේ අභියෝගයට අද අපි මුහුණ දී තිබෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 1% ක් මේ සමාජයේ ඉන්නවා. එම දරුවන් වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක් මේ නාගරික පරිසරය තුළ වෙන් කළ යුතුයි. වර්ණය, හඬ ඇහෙන්නේ, පෙනෙන්නේ නැති දරුවන්ට, දෑත දෙපය හසුරුවන්න බැරි අපේ දරුවන්ටයි මේ කෙළිමඩල අයිති. ඒ වගේම වැඩිහිටියන්ටත් මෙම ස්ථානයට එන්න පුළුවන්. ඉදිරියේදී කොට්ටාව ප‍්‍රදේශයෙත් මෙවැනි ස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නවා.

සංවර්ධනයේ ප‍්‍රධාන බාධකයක් නම් රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමයි. විශේෂයෙන්ම මෙවැනි සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩමක් වෙන් කර ගැනීමට යාමේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුවන රාජකාරී සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වගේම අපි යහපාලනය ස්ථාපිත කළේ රජයේ සේවකයන්ට, කොන්දක් ඇතිව කාර්යක්ෂමව වැඩ කරන්න. ඒ කොන්ද කෙලින් තියාගෙන ජනතා සංවර්ධනයට බාධා ඇති නොකළ යුතු “යැයි අමාත්‍යවරයා පැවසිය‍

 

 

Post Views: 9
Previous Post

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

Next Post

රාජපක්ෂලා ආරක්ෂා කරන දේවදත්ත භික්ෂුන් පරිස්සම් විය යුතුයි

editor

editor

Next Post

රාජපක්ෂලා ආරක්ෂා කරන දේවදත්ත භික්ෂුන් පරිස්සම් විය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved