• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පුනර්ජනනීය බලශක්ති භාවිතයට ලාංකිකයින් දිරිමත් කිරීම සඳහා PLC සහ Hayleys Solar අත්වැල් බැඳ ගනි

6 May 2024
in පුවත්, ව්‍යාපාර
පුනර්ජනනීය බලශක්ති භාවිතයට ලාංකිකයින් දිරිමත් කිරීම සඳහා PLC සහ Hayleys Solar අත්වැල් බැඳ ගනි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තිරසාර බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) සහ Hayleys Solar එකට අත්වැල් බැඳගනිමින්, සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය දා නිල වශයෙන් අත්සන් තැබිණි.

ඒ අනුව මෙම සමාගම් ද්විත්වය එක් ව කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙන් ම නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා වහල මත සවිකළ හැකි සූර්ය පැනල සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මූදලකට ලබා දීමට කටයුතු කර තිබේ. මෙම සුවිශේෂී මූල්‍ය යෝජනා ක්‍රමයේ අරමුණු වන්නේ හරිත හෙටක් සංකල්පය ප්‍රවර්ධනය කරමින්, නිවාස සහ ව්‍යාපාර ආශ්‍රිත දෛනික විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට ශ්‍රී ලාංකික ජනතාව දිරි ගැන්වීමයි.

සූර්ය බලය පහසුවෙන් ලබා ගත හැකි සම්පතක් වන නමුත් විවිධ ආර්ථික මට්ටම්වල පසුවන මෙරට ජනතාවට ගෘහාශ්‍රිත කටයුතු හා තම කුඩා ව්‍යාපාර සඳහා සූර්ය බලශක්තිය දැරිය හැකි මූදලකට ලබා ගැනීම බාධාවක් වී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමට PLC සහ Hayleys Solar එක් වෙමින් සූර්ය පැනල සවි කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී ලීසිං සේවාව නිර්මාණය කර ඇති අතර, ඉතා ආකර්ෂණීය පොලී අනුපාතයක් යටතේ කිසිඳු ඇප තැන්පතුවකින් තොර ව, ඉතා කාර්යක්ෂම මූල්‍ය පහසුකම් ලබා දීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම මූල්‍ය යෝජනා ක්‍රමය ඔස්සේ PLC සමාගමේ ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන අතර, ග්‍රිඩ්, ඔන්-ග්‍රිඩ්, දෙමුහුන් සම්බන්ධතා සහ සූර්ය ජල තාපක හා සූර්ය ජල පොම්ප වැනි සුර්ය බලශක්තිය පදනම් කරගත් විසඳුම් සඳහා පමණක් මෙම මූල්‍ය පහසුකම ලබා දෙයි.

PLC සමාගම Hayleys Solar සමඟ එක් වෙමින් ගොඩනඟා ගත් මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ PLC හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී උදේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන අතර ඔවුන් වැඩි වශයෙන් විදුලිය භාවිතා කරන්නන් ලෙස හඳුන්වා දිය හැකි බවයි. මෙම සහයෝගීතාවය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙන අතරම රටේ පරිසර හිතකාමී තිරසාර ව්‍යාපාරික පද්ධතියක් නිර්මාණය කිරීමට කැප වී කටයුතු කළ යුතු බවයි‍.

PLC විසින් සපයනු ලබන මූල්‍ය සහයෝගය හරහා ව්‍යාපාරවල මෙහෙයුම් තිරසාරත්වය මෙන් ම පාරිසරික, සමාජීය හා පාලන යන ESG මූලධර්ම ස්ථාපනය කිරීමට ද මනා සහයෝගයක් ලබා දෙන අතර, කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමට සහ වඩා ප්‍රබෝධමත්, තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ද දායකත්වය සපයයි. එසේම ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය පැනල සැපයුම්කරු වන Hayleys Solar, පුළුල් පරාසයක විහිදුණු සිය නිෂ්පාදන මිල දී ගන්නා PLC ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට කටයුතු කරයි. ඒ අතරට Hayleys Solar වෙතින් සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ දී ඉහළ පළපුරුද්දක් සහිත, දක්ෂ ඉංජිනේරුවන් විසින් ලබා දෙන උපදේශන සේවාව සහ අදාළ වැඩ බිම් පරීක්ෂාව නොමිලේ ලබා ගත හැකි වීම විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු අතර ගොඩනැගුණු මෙම සහයෝගීතාව මගින් තිරසාර ජීවන රටාවකට මෙන්ම පුනර්ජනනීය බලශක්තිය භාවිතයට පාරිභෝගිකයින් හුරු කරවීමට ඇති හැකියාව දිරිමත් කිරීම සිදුවෙයි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය පැනල සැපයුම්කරු වන Hayleys Solar, පුළුල් පරාසයක විහිදුණු සිය සූර්ය පැනල නිෂ්පාදන මිල දී ගන්නා PLC ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට කටයුතු කරයි. අදාළ ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රමුඛයන් දෙදෙනෙකු අතර ගොඩනැගුණු මෙම සුවිශේෂී සහයෝගීතාව මගින් තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට මෙන් ම පුනර්ජනනීය බලශක්තිය වැළඳ ගැනීමට මෙරට පාරිභෝගික ජනතාව නිරන්තරයෙන් දිරිමත් කිරීම ද විශේෂිත ය.

මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දැක්වූ Hayleys Fentons සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක පැවසූවේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් වන පීපල්ස් ලීසිං PLC සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ව Hayleys Fentons සමාගම සතුටු වන අතර පුනර්ජනනීය බලශක්තිය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කරමින්, සියලු ම ශ්‍රී ලාංකිකයින් වෙත තිරසාර සහ හරිත අනාගතයක් උරුම කර දීමට සමාගමක් ලෙස Hayleys Fentons නිරන්තරයෙන් කැප වන බවයි.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 0767 611 388 යන දුරකථන අංකය මගින් PLC සමාගම ඇමතීමෙන්, [email protected] වෙබ් අඩවියෙන් හෝ 0112 102 102 ඔස්සේ Hayleys Solar ඇමතීමෙන් ලබා ගත හැකිය.

PR

Post Views: 9,996
Previous Post

තවදුරටත් පොහොට්ටුවේ සහාය රනිල්ට නැති වෙයි .. බැසිල් ඡන්දයට සුදානම් !

Next Post

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

editor ttvnews

editor ttvnews

Next Post
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025

Recent News

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved