ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සහ සංස්කෘතික බැඳීම්වල සංකේතයක් ලෙස ස්ථාපිත කළ ‘නව සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය’ විවෘත කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුවිය.
මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ජනතාව අතර පවතින සුහදශීලී බැඳීම් ශක්තිමත් කිරීමට මෙම මධ්‍යස්ථානය විශේෂ මෙහෙවරක් ඉටු කරනු ඇති බවයි. මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරිය විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී.
දෙරටේ සංස්කෘතික හුවමාරුව, අධ්‍යාපනය සහ සමාජ සුභසාධන කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙම මධ්‍යස්ථානය මගින් අපේක්ෂා කෙරේ. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මෙම සුවිශේෂී සහයෝගීතාවය අනාගත පරපුර සඳහා ද ආදර්ශමත් මිත්‍රත්වයක මාවතක් විවර කරනු ඇතැයි විශ්වාස කෙරේ.
















