තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර එහි මුල් අදියරේ තොරතුරු වාර්තා වේ.
තැපැල් ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵලවලට අනුව ආසන 94කින් ආසන 67ක පෙරමුණ ගැනීමට මහ ඇමති එම්.කේ. ස්ටාලින් නායකත්වය දෙන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය සමත්ව ඇත
ජනප්‍රිය නළු විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය ආසන 19ක පෙරමුණ ගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටී. එඩප්පාඩි පලනිසාමි නායකත්වය දෙන සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය ආසන 8ක පෙරමුණ ගනිමින් තෙවන ස්ථානයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














