පෝද්දල පොලිස් වසමට අයත් වක්වැල්ල පාලම අසල ගිං ගඟේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබියදී ඊයේ (23) දින සොයාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත ක්ෂණිකව විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.
ප්‍රාථමික විමර්ශනවලදී මෙම මරණය සැකසහිත එකක් බවට අනාවරණය වී තිබීම විශේෂත්වයක්. මෙම අභිරහස් මරණය පිටුපස ඇති සැබෑ තොරතුරු සොයා ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් පසු, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත. පෝද්දල පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
















