දකුණේ පාතාල මර්දනයට සුවිශේෂී සේවයක් කළ පොලිස් පරීක්ෂක දැඩිමුණ බාලේන්ද්‍රන් මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ. මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මෙම සැකකරු සමඟ, වළදමා තිබූ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 15ක් ද පොලිසිය සොයාගෙන ඇත.
2023 වසරේ ඔක්තෝබර් මස සිදුවූ මෙම ඝාතනය, සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘සමන් කොල්ලා’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරයි. ‘සමන් කොල්ලා’ යනු කරන්දෙණිය සුද්දා සහ SF රාජු යන පාතාල සාමාජිකයින්ගේ සමීපතමයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














