නීත්‍යානුකූල ආදායම් මාර්ගවලින් තොරව හදිසියේ උපයාගත් දේපළ සහ සුඛෝපභෝගී ජීවන රටාවන් ගත කරන පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රම ඔස්සේ උපයාගත් දේපළ සහ අත්පත් කරගත් නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක බව බලධාරීන් සඳහන් කරයි. සමාජයේ යහපැවැත්ම උදෙසා මෙවැනි සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















