වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති, යහපත් කල්ක්‍රියාවකින් යුත් පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිළිබඳ විපක්ෂයෙන් යොමු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින මානව සම්පත් හිඟය කළමනාකරණය කරමින් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණ දෙන රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.මීට අමතරව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර, ඉන් 6,000 දෙනෙකු මේ වන විටත් තම රාජකාරි භාරගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.පොලිස් සේවයේ පවතින මානව සම්පත් හිඟයට පිළියමක් ලෙස ගෙන ඇති මෙම පියවර පිළිබඳව ඔබේ අදහස කුමක්ද? පහළින් කමෙන්ට් කරන්න!















