විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම තනතුරක් හොබවන ශ්‍රී ලාංකික නිලධාරිනිය වන, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ UNDP ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වී ඇත.මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා ලබාදෙන සහයෝගීතාව පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කර තිබේ. රජයේ ඩිජිටල්කරණ වැඩසටහන, පුනර්ජනනීය බලශක්ති ප්‍රසාරණය මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ ධාරිතාව සහ කුසලතා සංවර්ධනය මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති බව විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.එමෙන්ම දේශගුණික ණය (climate credits), හරිත හා නීල බැඳුම්කර (green and blue bonds) ඇතුළු දේශගුණික මූල්‍යකරණය සහ නව්‍ය මූල්‍ය විසඳුම්, සෞඛ්‍ය මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලංකාවේ සංවර්ධන සහයෝගිතාව උදෙසා UNDP හි සහාය ලබා ගැනීම කෙරෙහි ද එහිදී අවධානය යොමුව ඇත.















