විදේශිකයන්ට නිවාස හෝ වෙනත් දේපළ කුලියට ලබා දෙන සියලුම නිවාස හිමියන් ඒ පිළිබඳව වහාම ප්‍රදේශයේ ආසන්නතම පොලිස් ස්ථානය වෙත දැනුම් දිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, මෙරට රැඳී සිටින ඇතැම් විදේශිකයන් සංචාරක වීසා මත පැමිණ මෙලෙස කුලියට ගන්නා නිවාස තුළ රැඳී සිටිමින් මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මූල්‍යමය අපරාධ මැඩලීම සඳහා මෙම පියවර ගන්නා බවත්, විදේශිකයන්ට නවාතැන් පහසුකම් සපයන පුද්ගලයින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















