• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් තීන්දුවට දේශපාලඥයින්ට මැදිහත්විය නොහැකියි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

9 January 2021
in දේශීය

ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ලබා දෙන තීන්දුවට අප එකග වන බවත් එම තීන්දුවට දේශපාලන මැදිහත්වීම් සිදු කළ නොහැකි බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) ගාල්ල දිස්ත්‍රික් යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ජනවාරි 22 න් පස්සේ වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කරලා, වාණිජ ගුවන් යානාවලින් ලංකාවට පැමිණෙන පිරිස් සඳහා අවස්ථාව සලසා දෙනවා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී තිබෙන මාර්ගෝපදේශ යටතේ ඔවුන් කැමති හෝටලයක නතර වෙලා ඊට අදාළ කටයුතු සුදානම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලාංකිකයෝ 70,000 ක් විතර ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ අයට ජනවාරි 22 න් පස්සේ ඔවුන් කැමති ගුවන් යානයකින් ලංකාවට එන්න අවස්ථාව සලසා දීම අපේ අරමුණයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමේ කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒවගේම සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ලක්ෂ 30 ක පමණ ජනතාව වෙනුවෙන් සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා නියමු ව්‍යාපෘතියක් විදියට යුක්රේන සංචාරකයෝ ගෙන්වීමේ වැඩපිළිවෙල සිදු කළා. මෙම නියමු ව්‍යාපෘතියේ තිබෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට මේ වැඩපිළිවෙල කොහොමද කරන්නෙ කියන අද්දැකීම ලබාගැනීම තමා මෙහි අරමුණ වුනේ. අග්‍රාමාත්‍යවරයා පැහැදිළිව කියලා තියෙනවා කොළඹ වරාය දකුණු පර්යන්තය විකුණන්නේ හෝ කාටවත් පවරන්නෙ නැහැ කියලා. අයෝජන ගැන අපි සලකලා බලනවා. ඒක ඉන්දියාව නෙමේ ඕනේම රටක් එක්ක කරනවා. අපේ රටට හිතකර ආයෝජන ගැන පමණයි අපි සලකලා බලන්නේ. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා. මොකද දැනට පළාත් සභා පවතින නිතී රාමුවේ පවතින දෙයක්. ඒ නිසා ඒක ඉක්මනින් තියලා අදාල මහජන නියෝජිතයින්ට පත්වීමට අවස්ථාව දෙන්න ඕනේ. ජනතාව තීරණය කරයි කවුද ඒ සඳහා යවන්නෙ කියලා. පසුගිය යහපාලන රජය දේශපාලන දඩයමක නිතර වුනා. ඒයාලට ඕන ඕන අය විවිධ චෝදනා ඉදිරිපත්කරලා අධිකරණයට දාලා රිමාන්ඩ් කළා. පොලිසීයට කැදෙව්වා. ඒ තුළින් යම් කිසි කෙනෙක්, වැරදි විමර්ශන හේතුවෙන් අගතියට පත්වෙලා ඉන්නවනම් එයාලට සාධාරණය ඉටුවිය යුතුයි කියන මතවාදයේ අපි ඉන්නවා.” යැයි කීය.

 

 

 

Post Views: 7
Previous Post

නීතිය මිස දේශපාලන පළිගැනීම් නැහැ – ජනපති

Next Post

EPF ගන්න කොළඹ එන්න එපා – කම්කරු කොමසාරිස් ජනරාල් කියයි

editor

editor

Next Post

EPF ගන්න කොළඹ එන්න එපා - කම්කරු කොමසාරිස් ජනරාල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved