ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සදාචාරාත්මක වටිනාකම් මත පදනම් නොවන්නේ නම් ඒවා “බහුතරයේ ඒකාධිකාරයක්” (Majoritarian Tyranny) හෝ තාක්ෂණික හා ආර්ථික ප්‍රභූන්ගේ වෙස් මුහුණක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ලියෝ පාප්වහන්සේ පවසති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ව දැඩි ලෙස විවේචනය කර දින දෙකකට පසු වතිකානය මගින් නිකුත් කරන ලද ලිපියක උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බලය භාවිතා කිරීම පිළිබඳව පැවැති වතිකානු රැස්වීමක් අමතමින් උන්වහන්සේ පවසා ඇත්තේ බලය යනු අවසානයක් නොව පොදු යහපත සඳහා වූ මාධ්‍යයක් පමණක් විය යුතු බවයි ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පාප්වහන්සේ මෑතකදී සිදු කළ විවේචන හමුවේ ජනාධිපති ට්‍රම්ප් උන්වහන්සේව “භයානක පුද්ගලයෙකු” ලෙස හඳුන්වා දී තිබුණි කෙසේ වෙතත් එම විවේචන නොතකා යුද්ධයට එරෙහිව තමන් දිගින් දිගටම හඬ නඟන බව පාප්වහන්සේ අවධාරණය කරති














