මරණ දඬුවම නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසා තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පතිවරයා අද (01) හමුවූ අවස්ථාවේදී නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර, නියමිත දින 28ක කාලය තුළ කඩිනමින් ඉදිරි සතියේදී මෙම අභියාචනය ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු කියා සිටියේය. මරණ දඬුවම නියම වී ඇති හිටපු පොලිස්පතිවරයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













