ඉන්දීය ජනප්‍රිය නිළි රශ්මිකා මන්දන්නා සිය නවතම චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර සිදුවූ අනතුරකින් උකුල් පටක (Hip Tendon) බරපතළ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, දැඩි ශාරීරික ක්‍රියාකාරකම් සහිත නර්තන හා ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී ඇය ඇද වැටීමෙන් මෙම ආබාධය සිදුව ඇති අතර, වෛද්‍යවරුන් විසින් ඇයට සති හයක පූර්ණ විවේකයක් ලබා දී තිබේ.
















