යුරෝපා කොමිසමේ ප්‍රධානියා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, එළඹෙන ජූලි 04 වැනිදාට පෙර යුරෝපා සංගමය විසින් ඇමරිකානු භාණ්ඩ මත පනවා ඇති තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් නොකළහොත්, එම සංගමයට එරෙහිව දැඩි වෙළඳ බදු පනවන බවට ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබේ. දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් දැඩි කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔහු පෙන්වා දෙයි.
මෙම සාකච්ඡාවේදී ඉරාන අර්බුදය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බවට නායකයන් දෙපළ එකඟතාවකට පැමිණ ඇත. “තම ජනතාවම මරාදමන පාලන තන්ත්‍රයකට, මිලියන සංඛ්‍යාත ජනතාවක් මරාදැමිය හැකි බෝම්බයක් පාලනය කිරීමට ඉඩ දිය නොහැකි බවට අප දෙපාර්ශ්වයම එකඟ වුණා,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal (X) ඇසුරින්















