දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංගේ ඉල්ලීම මත, උතුරු කොරියාව සමඟ සාකච්ඡා ඇරඹීම සඳහා උතුරු කොරියාව වෙත යාමට තමන් සූදානම් බව ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) පවසයි.
ඉන්දුනීසියානු වාණිජ මණ්ඩලය සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පසුගිය අප්‍රේල් මාසයේදී තමන් සෝවුල් නුවරට ගිය අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවත්, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ කිසිදු වුවමනාවක් නොමැති මධ්‍යස්ථ රටක් ලෙස ඉන්දුනීසියාව දැකෙන බැවින් එම ඉල්ලීම ඉටු කිරීමට තමන් කැමති වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
චීනය සහ ඇමරිකාව ඇතුළු සියලු රටවල් සමඟ සමීප සහ හොඳ සබඳතා පැවැත්වීමට ඉන්දුනීසියාව නිරන්තරයෙන් කටයුතු කරන බවද ජනාධිපති ප්‍රබෝවෝ පෙන්වා දුන්නේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














