2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5 දක්වා ඉහළ නංවාගැනීමත්, රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව 800,000 දක්වා වර්ධනය කරමින් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම ‘2030 ජාතික සංචාරක දැක්ම’ හි ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
‘දිට්වා’ සුළිකුණාටුව ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රශංසනීය ලෙස නැගී සිට ඇති බවත්, මේ වන විට ආර්ථිකය නැවත ගොඩනැගීමේ ප්‍රධාන බලවේගයක් බවට එය පත්ව ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. 2025 වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ වන අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ. ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා නියුක්තියද 429,000 ඉක්මවා ඇති බව අගමැතිවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.














