• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට කඩිනම් විසඳුම්

24 June 2026
in දේශීය, පුවත්
අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට  ජනාධිපතිගෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට  කඩිනම් විසඳුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැඟීමේ අරමුණින්, ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු:
වෙළෙඳ සහ ආයෝජන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ‘වෙළෙඳාම සඳහා වූ ජාතික තනි කවුළුව’ ජූලි මස අවසන් වන විටත්, ‘ආයෝජන සඳහා වූ ජාතික තනි කවුළුව’ වසර අවසන් වීමට පෙරත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් රජයේ අනුග්‍රහයෙන් ලබා දෙන ‘Plug and Play’ ක්‍රමවේදය හඳුන්වා දීමට සාකච්ඡා කෙරිණි.
ආයෝජකයන් මුහුණ දෙන ඉඩම් ගැටලු විසඳීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදුවෙමින් පවතින බවත්, ඉඩම්වල වටිනාකම සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය සහතික කිරීමට රජය මැදිහත් වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළ සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදී.
වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනතක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ආයෝජකයන්ගේ ගැටලු අඛණ්ඩව සාකච්ඡා කිරීම සඳහා මාසික රැස්වීම් මාලාවක් පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.
Post Views: 0
Previous Post

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය

Next Post

යුද සමයේ අත්අඩංගුවට ගත් රත්රන් අයිතිකරුවන්ට ලබාදීමට මාස 3ක අධිකරණ ක්‍රියාවලියක්

Editor TTV News

Editor TTV News

Next Post

යුද සමයේ අත්අඩංගුවට ගත් රත්රන් අයිතිකරුවන්ට ලබාදීමට මාස 3ක අධිකරණ ක්‍රියාවලියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved