තෙල්දෙණිය පොලිස් වසමට අයත් බඹරගල පන්සල අසල ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් සිව්දෙනෙකු අනතුරට ලක්ව තිබේ. ඉන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති අතර තවත් එක් තරුණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.
අනතුරට පත් පිරිස අතර සිටි එක් තරුණයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 21ත් අතර පසුවන තරුණයන් පිරිසකි. අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.















