2026 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය යටතේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම සහ ජනාධිපති කාර්යාලයීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලැබීමට ජනාධිපති කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
පන්දුවාර 40ක තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 87ක් පමණි.
ලකුණු 88ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජනාධිපති කාර්යාලයීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 88ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.














