• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

3 May 2020
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්හි ද නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතිය. සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත විය.

මිරිසවැටිය රාජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව රාජපක්ෂ මහතා උන්වහන්සේ දැනුවත් කළේය. එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බව මිරිසවැටිය විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

 

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

පුද්ගලයන් ලක්ෂ 50 කට 5000 දීමනාව දී අවසන් – සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්

Next Post

විපක්ෂය ඡන්දෙට බයයි – ජානිපෙ කියයි

editor

editor

Next Post

විපක්ෂය ඡන්දෙට බයයි - ජානිපෙ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved