• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

26 December 2020
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නා හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිතර විය.

ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නා හිමිපාණන් සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසීය.

අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බැලීය.

අස්ගිරි මහ පිරිවෙන වෙත ද ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.

 

 

Post Views: 6
Previous Post

මෙරට කොරෝනා ආසාදිතයින් 40,000 ට කිට්ටු වෙයි

Next Post

නාවික උපලේකම් කාර්යාලයක් කයිටස් හි දී විවෘත කෙරේ

editor

editor

Next Post

නාවික උපලේකම් කාර්යාලයක් කයිටස් හි දී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved